SBS Sinhala-logo

SBS Sinhala

SBS (Australia)

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Location:

Sydney, NSW

Description:

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Language:

Sinhala

Contact:

SBS Radio Sydney Locked Bag 028 Crows Nest NSW 1585 Australia (02) 9430 2828


Episodes
Ask host to enable sharing for playback control

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, නොවැ 17 - නොවැ 21

11/21/2025
නොවැම්බර් 17වන දා සිට නොවැම්බර් 21වන දා දක්වා සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.

Duration:00:05:35

Ask host to enable sharing for playback control

තරුෂි එක්ක තරු කතා: සශිකා නිසංසලාට 25 යි!

11/21/2025
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.

Duration:00:08:18

Ask host to enable sharing for playback control

මව්බිමෙන් පුවත්: 'මත්ද්‍රව්‍ය ජාලයට රාජ්‍ය පුරුක් හසු වෙලා' ජනපති / 'විපක්ෂයේ එකමුතුවට විරුද්ධ අය ඔළුව බලා ගන්න' හරීන්

11/20/2025
මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

Duration:00:09:04

Ask host to enable sharing for playback control

ක්‍රීඩා විග්‍රහය – පාකිස්තාන සංචාරය අවලංගු කරන්නැයි අනෙක් ක්‍රීඩකයින්ට චරිත් අසලංක බලපෑම් කලා ද?

11/20/2025
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

Duration:00:08:47

Ask host to enable sharing for playback control

SBS සිංහල Newsflash නොවැ 21: ඕස්ට්‍රේලියාව තුල ආරම්භක මට්ටමේ රැකියා වල ශීඝ්‍ර අඩු වීමක් - වාර්තාවක් හෙළි කරයි

11/20/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 21 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

Duration:00:05:16

Ask host to enable sharing for playback control

අපේ වහරේ කතා අහුරක්: වංශවත් අප්පොච්චාට දෝණියන්දැ දීපු සංග්‍රහය

11/19/2025
ඔය කොයි කවුරුත් තමන්ගේ වංශෙ ගැන වැඩිපුර ඔළුවට ගත්තොත් මේ වගේ සංග්‍රහ තමයි ලැබෙන්නේ. අපේ වහරේ එන විවිධ අලංකාර කියුම් කෙරැම් ගැන සාහිත්‍යවේදී අශෝක පියරත්න ගෙනෙන මේ රස කතා අහුර අහන්න.

Duration:00:05:22

Ask host to enable sharing for playback control

වසර 20 ක් පුරා ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ දරු දැරියන් වෙනුවෙන් ප්‍රජා සේවයේ නිරත වන මිහිඳු ළමා පදනම

11/19/2025
අද ලෝක ළමා දිනයයි! ළමුන් පිළිබඳ වෙනදාටත් වඩා අවධානයක් සහ අවබෝධයක් අවශ්‍ය වත්මන් ලෝකයේ දශක දෙකක් තිස්සේ අපේ ප්‍රජාවේ දරුවන් වෙනුවෙන් ස්වේච්ඡාවෙන් සේවය කරන මිහිඳු ළමා පදනමේ අධ්‍යක්ෂිකා විනීතා විජේරත්න සමඟ SBS සිංහල සේවය සිදු කල මේ කතාබහට සවන් දෙන්න.

Duration:00:08:56

Ask host to enable sharing for playback control

කාලීන විග්‍රහය: වික්ටෝරියානු ප්‍රාන්ත රජය තමන් සමග ඓතිහාසික ගිවිසුමකට එළැඹි බව ස්වදේශික නායකයින් පවසයි

11/19/2025
වික්ටෝරියානු ප්‍රන්තය පුරාවට බලපාන පරිදි ඕස්ට්‍රේලියානු ස්වදේශික ජනතාව සහ වික්ටෝරියානු ප්‍රාන්ත රජය අතර සිදුවූ පළමු නිල ගිවිසුම් ගත වීම පසුගියදා සිදුවුනා. වසර සිය ගනනකින් පසුව සිදුවූ මෙය ඓතිහාසික අවස්තාවක් උනා. The Australian-first treaty ලෙස හැඳින්වෙන මෙම නිල ගිවිසුම් ගතවීම ක්‍රියාත්මක වීම 2026 වසරේ මද භාගයේ සිට සිදුවීමට නියමිත වනවා . අබෝරිජිනල් ජනතාව සහ වික්ටෝරියානු ප්‍රාන්ත රජය අතර සිදුවූ මෙම ගිවිසුම් ගත වීම ඓතිහාසික අවස්තාවක් වන අතර මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

Duration:00:07:00

Ask host to enable sharing for playback control

'ලොව වටා': ට්‍රම්ප් සෞදි ඔටුන්න හිමි කුමරුව රකිද්දී, හිටපු අගමැතිනියව එවන්නැයි බංග්ලාදේශය ඉන්දියාවෙන් ඉල්ලයි

11/19/2025
මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

Duration:00:07:53

Ask host to enable sharing for playback control

SBS සිංහල Newsflash නොවැ 20: වයස අවුරුදු 16න් පහළ පරිශීලකයන්ට Meta ආයතනයෙන් දැනුම් දීමක්

11/19/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 20වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

Duration:00:05:00

Ask host to enable sharing for playback control

SBS සිංහල Newsflash නොවැ 19: පූර්ණ කාලීන පර්යේෂණ රැකියා 350ක් කපා හරින බව CSIRO නිවේදනය කරයි

11/18/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 18 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

Duration:00:05:15

Ask host to enable sharing for playback control

ඕස්ට්‍රේලියාවේ මෑතකදී වෙනස්වුන රියදුරු බලපත්‍ර නීති ගැන තොරතුරු මෙන්න

11/18/2025
ඕස්ට්‍රේලියාවේ EDR, නොහොත් Experienced Driver Recognition පද්ධතියේ මෑතකදී සිද්ධ වූ විශේෂ වෙනස්කම් පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන් දෙන්න

Duration:00:09:17

Ask host to enable sharing for playback control

Australia Explained: ඕස්ට්‍රේලියාවේදී ඔබට ගැලපෙන සහකරුවෙකු හෝ සහකාරියක සොයා ගන්නේ කෙසේද

11/18/2025
ඕස්ට්‍රේලියාවේ ආදරය සොයන සංක්‍රමණිකයින්ගේ ගමන සහ කල් පවතින සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට තිබෙන ආරක්ෂිත මෙන්ම අව්‍යාජ ක්‍රම සමබන්ධයෙන් තොරතුරු මේ විශේෂාංගයෙන් ගෙන එනවා.

Duration:00:14:15

Ask host to enable sharing for playback control

ඕස්ට්‍රේලියානු බහුසංස්කෘතික සමාජය තුළ සාම්ප්‍රදායික නර්තන තාල රටාවෙන් ශ්‍රී ලංකාව ඔසවා තබන ශශිලා පෙරේරා

11/17/2025
ඕස්ට්‍රේලියානු බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික නර්තනයේ හැඩවැඩ පෙන්වන ඇය නමින් ශශිලා පෙරේරා. පසුගිය දා ඇය ප්‍රමුඛ නර්තන කණ්ඩායම Victorian Multicultural Commission (VMC) විසින් වාර්ෂිකව පවත්වන වසර අවසාන උත්සවයේ නර්තනාංගයක් ඉදිරිපත් කළා. මෙවැනි ඉදිරිපත් කිරීමකට ආරාධනා ලැබූ පළමු ශ්‍රී ලාංකේය නර්තන කණ්ඩායම ශශිලා ප්‍රමුඛ ඇගේ කණ්ඩායමයි. අගේ ඉදිරිපත් කිරීමෙන් පසු බහුසංස්කෘතික ප්‍රජාවගෙන් ඇයට බොහෝ ප්‍රතිචාර හිමි වී තිබුණා. ඒ බොහෝ ප්‍රතිචාර තුළ තිබුණේ මේ නර්තනාංග දැකීමෙන් ඇති වූ විස්මය සහ අපූර්වත්වයයි. සිය නර්තන කෞශල්‍යයෙන් ශ්‍රී ලංකාව පිළිබඳ සෞන්දර්යාත්මක හැඩයක් මවා පෑ ශශිලා VMC අත්දැකීම, සිය වෘත්තීය ජීවිතය, බහුසංස්කෘතික ප්‍රජාවගෙන් හිමි වන ප්‍රතිචාර සහ නර්තනය තුළින් ඈ ලබන සතුට SBS සමඟ අකුරු කළ මේ විශේෂාංගයට ඔබත් සවන් දෙන්න.

Duration:00:10:41

Ask host to enable sharing for playback control

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ වයස 16ට අඩු ළමුන්ට තහනම් කරන social media ගැන මතබේද ඉහලට

11/17/2025
ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 ට අඩු පිරිස සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීම පිළිබඳව වන අවධානය මේ වනවිට නැවතත් ඉහල යමින් තිබෙනවා. මෙම තහනම සඳහා අලුතින් සමාජ මාධ්‍ය වේදිකා 2ක් එකතු කොට ඇති අතර ඒ සඳහා Reddit සහ live-streaming platform එකක් වන Kick එකතු කොට තිබෙනවා. ඩිජිටල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින පිරිස අනතුරු අඟවන්නේ මෙම තහනම් හේතුවෙන් ළමුන්ට විශාල හානියක් සිදුවිය හැකි අතර ළමුන් වෙනත් අනාරක්ෂිත සමාජ මාධ්‍ය වේදිකා වෙත යාම සිදු විය හැකි බවයි. අද කාලීන විග්‍රහයේ විමසුම ඒ පිළිබඳවයි.

Duration:00:07:53

Ask host to enable sharing for playback control

SBS සිංහල Newsflash නොවැ 18: ඕස්ට්‍රේලියාවේ ළමුන් ලක්ෂ දහයකට ආසන්න සංඛ්‍යාවක් දරිද්‍රතාවයෙන් ජීවත්වන බව හෙළි වේ

11/17/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 18 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

Duration:00:05:15

Ask host to enable sharing for playback control

Lankan Fest ප්‍රදර්ශනය සාර්ථක වෙන්න ප්‍රධානම හේතුව ස්වේච්ඡාවෙන් වැඩ කරන අපේ ප්‍රජාව නිසායි - ආචාර්ය දමිත ද මෙල්

11/17/2025
Lankan Fest සංස්කෘතික ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස මෙල්බර්න් Crown Riverwalk පරිශ්‍රයේ දී ඊයේ (16) පැවැත් වුණා. මේ ඒ පිළිබඳ කෙටි කතාබහකට අද (17) SBS සිංහල සජීව ගුවන්විදුලි වැඩසටහනට එක් වූ සංවිධාන මණ්ඩල ප්‍රධානී ආචාර්ය දමිත ද මෙල්.

Duration:00:10:55

Ask host to enable sharing for playback control

මව්බිමෙන් පුවත් නොවැ 17: ජනපතිට ඔස්ට්‍රේලියා නිල සංචාර ඇරයුමක්? / පැලවත්තේ තීන්දු වල වැරැද්ද අහන අගමැති හරිනි

11/16/2025
ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

Duration:00:08:33

Ask host to enable sharing for playback control

කාලින විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත තුනක පාරිභෝගිකයින්ට විදුලි බලය නොමිලේ ලබා දීමේ ව්‍යාපෘතියක්

11/16/2025
සූර්ය බලශක්තියෙන් ජනනය කරන විදුලි බලය ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත තුනක පාරිභෝගිකයින්ට නොමිලේ ලබා දීමට නියමිතයි. ඒ කාර්ය බහුල නොවන දිවා කාලයේ දී පැය තුනක උපරිමයක් ලෙසයි. මෙම යෝජිත සැලැස්ම පරිසර කණ්ඩායම් වල පිළිගැනීමට ලක්ව ඇතත් ඊට ඇතැම් විපක්ෂ කණ්ඩායම් වල විරෝධයකුත් එල්ල වී තිබෙනවා. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි.

Duration:00:06:30

Ask host to enable sharing for playback control

SBS සිංහල Newsflash නොවැ 17: සංක්‍රමණය අවම කිරීමේ සැලසුම් ළඟදීම නිකුත් කරන බව ලිබරල් සන්ධාන නායිකාව කියයි

11/16/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 17වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

Duration:00:04:46