
SBS Sinhala
SBS (Australia)
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Location:
Sydney, NSW
Networks:
SBS (Australia)
Description:
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Language:
Sinhala
Contact:
SBS Radio Sydney Locked Bag 028 Crows Nest NSW 1585 Australia (02) 9430 2828
Episodes
SBS සිංහල පුවත්: NDIS යෝජනා ක්‍රමයට ප්‍රවේශ වීම දැඩි කරන බව ඕස්ට්‍රේලියානු රජය පවසයි
4/22/2026
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 23වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
Duration:00:04:32
Thinking of a career change? Here are some tips and options to consider - ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ තමන්ගේ රැකියාව වෙනස්කරන්න සිතනවාද? එහෙනම් මේ කරුණු ඔබට වැදගත් වේවි
4/22/2026
Looking to step into a new career? You're not the only one, the stats suggest. No matter your age, background or whether English is your first language, a career change at some point is almost inevitable nowadays. In Australia, support is available to help you through the process. - ඔබේ රැකියා ක්ෂේශ්ත්‍රය එහෙම නැතිනම් ඔබගේ වෘත්තීය වෙනස් කරන්න ඔබ හිතනවද? ඔස්ට්‍රේලියාවේ ජීවත්වන ඔබ යම් ආකාරයකට ඔබගේ වෘත්තීය වෙනස් කරන්න සිතනවානම් එය ඉතාම සාමාන්‍ය දෙයක්. විශේෂයෙන්ම නව අවස්ථා පිලිබඳ සොයා බැලීමට ඔස්ට්‍රේලියාවේ බොහෝ දෙනෙක් නිරන්තරයෙන් කටයුතු කරනවා. බොහෝ දෙනෙක් තමන්ගේ පළපුරුද්ද සහ හැකියාවන්ට සරිලන හොඳ රැකියාවක් සොයා ගැනීමට නිරන්තරයෙන් උනන්දු වෙනවා. නමුත් එක්වරම තමන්ගේ වෘත්තීය වෙනස් කරන එක තරමක් දුරට වෙහෙසකර කාර්යයක් වෙන්න පුළුවන්. ඉතින් ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන ඔබ තම වෘත්තීය ජීවිතයේ විශාල වෙනස්කමක් කරනවා නම් ඒ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව තුලදී ලබාගත හැකි සහාය ගැන තොරතුරු අද Australia Explained මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
Duration:00:09:54
'සිරිලක් සුවඳ' ලෙස මීට 45 වසරකට පෙර SBS සිංහල සේවය ඇරඹුණේ මෙහෙමයි
4/22/2026
ඕස්ට්‍රේලියාවේ සිංහල බසින් ක්‍රියාත්මක එකම ජාතික මාධ්‍ය නාලිකාව ලෙස SBS සිංහල සේවය මේ වන විට වසර 45ක් සපුරනවා. මේ ඒ පිළිබඳව SBS සිංහල සේවයේ ආරම්භක සාමාජිකයෙකු වූ ආචාර්ය සෝමරත්න දිසානායක මහතා සිදු කළ මතකාවර්ජනයක්.
Duration:00:10:44
ලොව විශාලතම ජන සංගණනයට ඉන්දියාව සැරසෙයි, බ්‍රිතාන්‍ය සමයෙන් පසු පළමු වරට කුලය පිළිබඳ දත්ත එක් කිරීමේ සූදානමක්
4/22/2026
ඉන්දියාව ලොව විශාලතම ජන සංගණනය සිදු කිරීමට සූදානමෙන් පසු වනවා. ඒ බිලියන 1.4ක් වූ සමස්ත ඉන්දීය වැසියන් ආවරණය වන පරිදියි. කෝවිඩ්-19 ව්‍යාප්තියත් සමඟ මේ සංගණන කටයුතු පස් වසරකින් ප්‍රමාද වුණා. සමස්ත ව්‍යාපෘතිය සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර්වලින් බිලියන 2ක් පමණ වියදම් වනු ඇතැයි අපේක්ෂා කරනවා. අද කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.
Duration:00:04:35
SBS සිංහල පුවත්: දෙමව්පිය වීසා බලපත්‍ර උදෙසා වන ඉල්ලුම අදාළ ධාරිතාව ඉක්මවන බව ෆෙඩරල් රජය කියයි
4/21/2026
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 22වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
Duration:00:05:02
කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාව පුරා ජාතිවාදය ඉහල යන බවට වාර්තාවක් අනතුරු අඟවයි
4/21/2026
2023 ඔක්තෝබර් 7 වන දින හමස් සංවිධානයෙන් ඊශ්‍රායාලයට එල්ල වූ ප්‍රහාරවලින් පසු ඕස්ට්‍රේලියාවේ යුදෙව්, මුස්ලිම්, පලස්තීන, අරාබි සහ ඊශ්‍රායල ප්‍රජාවන් ඉලක්ක කර ගනිමින් වෙනස්කම් සිදුව තිබේ. මෙම සිදුවන වෙනස්කම් හි බලපෑම් නව මානව හිමිකම් කොමිෂන් වාර්තාවක් ඉස්මතු කර තිබේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න අද කාලීන විග්‍රහයට සවන් දෙන්න
Duration:00:11:44
ඩිජිටල් යුගයේ යළි හිස ඔසවන මුදල් නෝට්ටු සහ කාසි, ඕස්ට්‍රේලියාවේ ගෙවීම් චර්යාවල පළමු වරට වෙනස්කමක්
4/21/2026
ඕස්ට්‍රේලියාවේ මුදල් නෝට්ටු සහ කාසි භාවිතය යළිත් ඉහළ ගොස් තිබෙනවා. නෝට්ටු සහ කාසි භාවිතයෙන් තොරව දෛනික කටයුතු කිරීම අපහසු බව සෑම ඕස්ට්‍රේලියානුවන් තුන් දෙනෙකුගෙන් එක් අයෙකුම කියන බව සමීක්ෂණයකින් හෙළි වෙලා. මේ විදියට මුදල් භාවිතය යල් පැනගිය ක්‍රමයක් කියලයි බොහෝ දෙනා සිතුවේ. යළිත් වරක් හිස ඔසවන මේ ගැනයි අද කෙටි විශේෂාංගය.
Duration:00:05:36
ඩාවින් නුවර අවුරුදු උත්සව අසිරියට සියල්ල සූදානම් - සෑම් සුමනරත්න
4/21/2026
ඔස්ට්‍රේලියාවේ Northern Territory නැතිනම් උතුරු භූමි ප්‍රදේශයේ ඩාවින් නුවරත් සිංහල අලුත් අවුරුදු සිරියෙන් ඇලළෙන්න මේ සතිඅන්තයේ එනම් අප්‍රේල් 25 වෙනි සෙනසුරාදාට සූදානම් බව SBS සිංහල සේවය හා සම්බන්ධ වෙමින් මේ තොරතුරු ගෙන එන්නේ ඩාවින් නුවර ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා මිත්‍රත්ව සංවිධානයේ සභාපති සෑම් සුමනරත්න මහතා.
Duration:00:08:09
ඕස්ට්‍රේලියාවෙත් ඉක්මනින් පැතිරෙන Cicada COVID ප්‍රභේදයෙන් ආරක්ෂා වෙන්න මේ දේවල් දැනගන්න
4/20/2026
මේ වනවිට ඉහල පැතිරීමක් දක්නට තිබෙන Cicada COVID ප්‍රභේදය ගැන සහ එමගින් ආරක්ෂා වීමට දැනගත යුතු දේ පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන් දෙන්න
Duration:00:08:12
නීති පිළිසරණ: පරිපාලන තීන්දු සමාලෝචන විනිශ්චය සභාව Administrative Review Tribunal (ART) පිළිබඳ සම්පූර්ණ වැඩසටහන
4/20/2026
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මෙම වැඩසටහන පරිපාලන තීන්දු සමාලෝචන විනිශ්චය සභාව නැතහොත් Administrative Review Tribunal (ART) හා සම්බන්ධ ක්‍රමවේදය පිළිබඳ සාකච්ඡා තුනම ඇතුළත් සම්පූර්ණ වැඩසටහනයි.
Duration:00:13:52
SBS සිංහල පුවත්: ණය බරින් වැඩිම ප්‍රාන්තය බවට වික්ටෝරියාව පත් වෙයි
4/20/2026
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 21වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
Duration:00:05:09
කාලීන විග්‍රහය: Uber කුලී රථ සඳහා තාවකාලික අතිරේක ඉන්ධන ගැලපුම් ගාස්තුවක් දැන් ක්‍රියාත්මකයි
4/20/2026
ඔස්ට්‍රේලියාව තුල පෙට්‍රල් හෝ විද්‍යුත්-ඉන්ධන දෙමුහුන් Uber කුලී රථ සඳහා තාවකාලික ඉන්ධන අධි භාරයක් දැන් ක්‍රියාත්මකයි. පසුගිය අප්‍රේල් 15 දා ආරම්භ වූ මේ අතිරේක ගාස්තුව ජුනි 8 වන දින තෙක් බලපැවැත්වෙන බවයි Uber ආයතනය නිවේදනය කලේ. ගෝලීය ප්‍රවණතා හා ඊට සමගාමීව රට තුල පවතින ඉන්ධන මිල ඉහළ යාමට මුහුණ දීම සඳහා මෙම ගාස්තු වැඩි වීම දරා ගැනීමට පාරිභෝගිකයින්ට සිදු වනවා. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි.
Duration:00:05:53
මෙල්බර්න් සන්බරි ශ්‍රී ලාංකීය ප්‍රජාවේ පුංචි අවුරුදු උත්සවය
4/20/2026
ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකීය ප්‍රජාව ජීවත්වන සෑම ප්‍රාන්තයකම ප්‍රධාන නගර ආශ්‍රිතව මහා පරිමාණ අවුරුදු සැමරුම් අතරේ SBS සිංහල සේවයේ අතිනි අමරසිරි මේ වාර්තාව ගෙන එන්නේ මෙල්බර්න් නගරාසන්නයේ සන්බරි ප්‍රාදේශීය නගරයේ වෙසෙන ශ්‍රී ලාංකීය ප්‍රජාව සංවිධාන කල පුංචි අවුරුදු උත්සවයක් පිළිබඳවයි.
Duration:00:06:56
අපේ වහරේ කතා අහුරක්: අන්දරේ වරකා කාපු හැටි දන්නවා ද?
4/20/2026
අපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ රජගෙදර කවටයා අන්දරේ ගැන ජනප්‍රවාදයේ එන අපූරු කතාවක්.
Duration:00:05:31
මව්බිමෙන් පුවත්: ඉන්දීය උප ජනාධිපතිගේ ශ්‍රී ලංකා සංචාරය / විශේෂ අවශ්‍යතා සහිතවූවන්ට අවැසි පහසුකම් සහිත බස් රථ සේවාව හෙටින් ඇරඹේ
4/19/2026
ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
Duration:00:08:19
SBS සිංහල පුවත්: වික්ටෝරියා ප්‍රාන්තය හඳුන්වා දුන් නොමිලේ පොදු ප්‍රවාහන සේවා පහසුකම තවත් මසකින් දීර්ඝ කෙරේ
4/19/2026
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 20 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
Duration:00:05:09
කාලීන විග්‍රහය: මිනිස්-සුනඛ මිතුදමට වසර 16000ක්, නව පර්යේෂණයකින් හෙළි වෙයි
4/19/2026
මිනිසාගේ හොඳම මිතුරා වන සුනඛයා සමඟ ඇති මිතුදම අප සිතනවාට වඩා පැරණියි. මානව ශිෂ්ටාචාරය බිහි වීමට වසර දහස් ගණනකට පෙර සිට බල්ලන් මිනිසුන් සමඟ ජීවත් වූ බවට නව පර්යේෂණයක් අනාවරණය කරගෙන තිබෙනවා. අද කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.
Duration:00:05:02
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, අප්‍රේල් 13 - අප්‍රේල් 17
4/17/2026
අප්‍රේල් 13වන දා සිට 17වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
Duration:00:07:25
ගෝල්ඩ් කෝස්ට් නගරයේ ශ්‍රී ලාංකික අපිත් සිංහල අලුත් අවුරුදු සැමරුමට සූදානම් - ප්‍රභාෂ් බෝධිනායක
4/17/2026
ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සුන්දර වෙරළාසන්න නගරයක් වන ගෝල්ඩ් කෝස්ට් පුරවරයටත් සිංහල අලුත් අවුරුදු අසිරිය එළඹ තිබෙනවා. ගෝල්ඩ් කෝස්ට් ශ්‍රී ලංකා සංසදයේ සභාපති ප්‍රභාෂ් බෝධිනායක මහතා SBS සිංහල සේවය සමඟ එළඹෙන අප්‍රේල් 19 වෙනි ඉරිදා පැවැත්වීමට නියමිත බක් මහ උළෙල අලුත් අවුරුදු උත්සවය පිළිබඳ මෙසේ අදහස් බෙදා ගත්තා.
Duration:00:09:04
තරුෂි එක්ක තරු කතා: මේ කේෂ්ත්‍රයේ ඉන්න සෑම අතින් පරමාදර්ශී චරිතය කවුද කියලා තව ටිකක් හිතලා බලන්න ඕන - සමනලී ෆොන්සේකා
4/17/2026
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.
Duration:00:08:35