
SBS Sinhala
SBS (Australia)
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Location:
Sydney, NSW
Networks:
SBS (Australia)
Description:
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Language:
Sinhala
Contact:
SBS Radio Sydney Locked Bag 028 Crows Nest NSW 1585 Australia (02) 9430 2828
Episodes
Australia Explained: ඕස්ට්‍රේලියාවේදී ඔබට ගැලපෙන සහකරුවෙකු හෝ සහකාරියක සොයා ගන්නේ කෙසේද
11/18/2025
ඕස්ට්‍රේලියාවේ ආදරය සොයන සංක්‍රමණිකයින්ගේ ගමන සහ කල් පවතින සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට තිබෙන ආරක්ෂිත මෙන්ම අව්‍යාජ ක්‍රම සමබන්ධයෙන් තොරතුරු මේ විශේෂාංගයෙන් ගෙන එනවා.
Duration:00:14:15
ඕස්ට්‍රේලියානු බහුසංස්කෘතික සමාජය තුළ සාම්ප්‍රදායික නර්තන තාල රටාවෙන් ශ්‍රී ලංකාව ඔසවා තබන ශශිලා පෙරේරා
11/17/2025
ඕස්ට්‍රේලියානු බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික නර්තනයේ හැඩවැඩ පෙන්වන ඇය නමින් ශශිලා පෙරේරා. පසුගිය දා ඇය ප්‍රමුඛ නර්තන කණ්ඩායම Victorian Multicultural Commission (VMC) විසින් වාර්ෂිකව පවත්වන වසර අවසාන උත්සවයේ නර්තනාංගයක් ඉදිරිපත් කළා. මෙවැනි ඉදිරිපත් කිරීමකට ආරාධනා ලැබූ පළමු ශ්‍රී ලාංකේය නර්තන කණ්ඩායම ශශිලා ප්‍රමුඛ ඇගේ කණ්ඩායමයි. අගේ ඉදිරිපත් කිරීමෙන් පසු බහුසංස්කෘතික ප්‍රජාවගෙන් ඇයට බොහෝ ප්‍රතිචාර හිමි වී තිබුණා. ඒ බොහෝ ප්‍රතිචාර තුළ තිබුණේ මේ නර්තනාංග දැකීමෙන් ඇති වූ විස්මය සහ අපූර්වත්වයයි. සිය නර්තන කෞශල්‍යයෙන් ශ්‍රී ලංකාව පිළිබඳ සෞන්දර්යාත්මක හැඩයක් මවා පෑ ශශිලා VMC අත්දැකීම, සිය වෘත්තීය ජීවිතය, බහුසංස්කෘතික ප්‍රජාවගෙන් හිමි වන ප්‍රතිචාර සහ නර්තනය තුළින් ඈ ලබන සතුට SBS සමඟ අකුරු කළ මේ විශේෂාංගයට ඔබත් සවන් දෙන්න.
Duration:00:10:41
කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ වයස 16ට අඩු ළමුන්ට තහනම් කරන social media ගැන මතබේද ඉහලට
11/17/2025
ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 ට අඩු පිරිස සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීම පිළිබඳව වන අවධානය මේ වනවිට නැවතත් ඉහල යමින් තිබෙනවා. මෙම තහනම සඳහා අලුතින් සමාජ මාධ්‍ය වේදිකා 2ක් එකතු කොට ඇති අතර ඒ සඳහා Reddit සහ live-streaming platform එකක් වන Kick එකතු කොට තිබෙනවා. ඩිජිටල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින පිරිස අනතුරු අඟවන්නේ මෙම තහනම් හේතුවෙන් ළමුන්ට විශාල හානියක් සිදුවිය හැකි අතර ළමුන් වෙනත් අනාරක්ෂිත සමාජ මාධ්‍ය වේදිකා වෙත යාම සිදු විය හැකි බවයි. අද කාලීන විග්‍රහයේ විමසුම ඒ පිළිබඳවයි.
Duration:00:07:53
SBS සිංහල Newsflash නොවැ 18: ඕස්ට්‍රේලියාවේ ළමුන් ලක්ෂ දහයකට ආසන්න සංඛ්‍යාවක් දරිද්‍රතාවයෙන් ජීවත්වන බව හෙළි වේ
11/17/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 18 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
Duration:00:05:15
Lankan Fest ප්‍රදර්ශනය සාර්ථක වෙන්න ප්‍රධානම හේතුව ස්වේච්ඡාවෙන් වැඩ කරන අපේ ප්‍රජාව නිසායි - ආචාර්ය දමිත ද මෙල්
11/17/2025
Lankan Fest සංස්කෘතික ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස මෙල්බර්න් Crown Riverwalk පරිශ්‍රයේ දී ඊයේ (16) පැවැත් වුණා. මේ ඒ පිළිබඳ කෙටි කතාබහකට අද (17) SBS සිංහල සජීව ගුවන්විදුලි වැඩසටහනට එක් වූ සංවිධාන මණ්ඩල ප්‍රධානී ආචාර්ය දමිත ද මෙල්.
Duration:00:10:55
මව්බිමෙන් පුවත් නොවැ 17: ජනපතිට ඔස්ට්‍රේලියා නිල සංචාර ඇරයුමක්? / පැලවත්තේ තීන්දු වල වැරැද්ද අහන අගමැති හරිනි
11/16/2025
ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
Duration:00:08:33
කාලින විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත තුනක පාරිභෝගිකයින්ට විදුලි බලය නොමිලේ ලබා දීමේ ව්‍යාපෘතියක්
11/16/2025
සූර්ය බලශක්තියෙන් ජනනය කරන විදුලි බලය ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත තුනක පාරිභෝගිකයින්ට නොමිලේ ලබා දීමට නියමිතයි. ඒ කාර්ය බහුල නොවන දිවා කාලයේ දී පැය තුනක උපරිමයක් ලෙසයි. මෙම යෝජිත සැලැස්ම පරිසර කණ්ඩායම් වල පිළිගැනීමට ලක්ව ඇතත් ඊට ඇතැම් විපක්ෂ කණ්ඩායම් වල විරෝධයකුත් එල්ල වී තිබෙනවා. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි.
Duration:00:06:30
SBS සිංහල Newsflash නොවැ 17: සංක්‍රමණය අවම කිරීමේ සැලසුම් ළඟදීම නිකුත් කරන බව ලිබරල් සන්ධාන නායිකාව කියයි
11/16/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 17වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
Duration:00:04:46
කාලීන විග්‍රහය: වික්ටෝරියා සෞඛ්‍ය පද්ධතිය තුළ කාන්තාවන් සහ ගැහැණු දරුවන්ගේ අත්දැකීම් පිළිබඳ වාර්තාවක් කියයි
11/16/2025
කාන්තාවන් අත්විඳින වේදනා පිළිබඳ කළ විමර්ශනයක අවසන් වාර්තාව වික්ටෝරියානු රජය විසින් නිකුත් කර තිබෙනවා. එහි සොයාගැනීම් බරපතල කරුණු කිහිපයක් අනාවරණය කරනවා. වික්ටෝරියා සෞඛ්‍ය පද්ධතිය තුළ ස්ත්‍රීපුරුෂ සමාජභාවය පදනම් කරගනිමින් වෙනස් කොට සලකන පිළිවෙතක් පිළිබඳ කාන්තාවන් සහ ගැහැණු දරුවන් 13000කගෙන් ලද පිළිතුරු පෙන්වා දෙනවා. සෞඛ්‍ය වෘත්තිකයන් බොහෝ දෙනෙකු තමන්ව නොසලකා හරින බවක් හැඟුණ බවයි බොහෝ දෙනෙකු පවසා ඇත්තේ. අද කාලීන විග්‍රහයේ විමසුම ඒ පිළිබඳවයි.
Duration:00:08:29
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, නොවැ 10 - නොවැ 14
11/14/2025
නොවැම්බර් 10වන දා සිට නොවැම්බර් 14වන දා දක්වා සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.
Duration:00:05:14
තරුෂි එක්ක තරු කතා: රවීන් කණිෂ්ක කතා කරන්න අකමැතිම දේවල්
11/14/2025
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.
Duration:00:09:13
මව්බිමෙන් පුවත් නොවැ 14: දුඹුරු සීනි පියා කියනවාට කැමති ඇමති හඳුන්නෙත්ති / පොරොන්දු සිහි කරවන විපක්ෂ රැලිය
11/14/2025
මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
Duration:00:08:27
ක්‍රීඩා විග්‍රහය – ආරක්ෂාව සහතික කිරීමෙන් පසු තවදුරටත් තරග සංචාරයේ යෙදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පිල එකඟ වෙයි
11/13/2025
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
Duration:00:08:30
SBS සිංහල Newsflash නොවැ 14: දියේ ගිලීම් මරණ තුනෙන් එකක් විදේශයන් හි උපත ලැබූවන් බව වාර්තාවක් හෙළි කරයි
11/13/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 14 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
Duration:00:05:19
ලොව වටා: BBC ප්‍රධානීන් තනතුරු වලින් කැපුණු වැරදි කතා කැපිල්ල
11/13/2025
මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.
Duration:00:08:44
අපේ වහරේ කතා අහුරක්: 'අප්පාට පුතේ!' කිව්වේ ඇයි දන්නවා ද?
11/13/2025
මේ යෙදුම අපේ වැඩිහිටියෝ කියනවා අනන්තවත් අහලා තිබුණාට ඒ යෙදුම හැදුණ හැටි දැනගෙන හිටියේ නෑ නේද? අපේ වහරේ එන විවිධ අලංකාර කියුම් කෙරැම් ගැන සාහිත්‍යවේදී අශෝක පියරත්න ගෙනෙන මේ රස කතා අහුරෙන් ඒ ගැන අහගන්න.
Duration:00:05:26
ඔස්ට්‍රේලියාවේ මෙල්බර් නගර මැද දිග හැරෙන ශ්‍රී ලාංකේය සංස්කෘතික අඬහැරය Lankan Fest ප්‍රදර්ශනයට තව දින 3යි
11/12/2025
ඕස්ට්‍රේලියාවේ විශාලතම ශ්‍රී ලාංකේය සංස්කෘතික හා වෙළඳ ප්‍රදර්ශනය Lankan Fest නොවැම්බර් 16 වෙනි ඉරිදා Melbourne Crown Riverwalk පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි. Lankan Fest පවුලේ සැමට අපූරු අත්දැකීමක් ලෙස සමීප කරන්න සූදානම් වෙන අයුරු පිළිබඳ ව සංවිධායක කමිටුවේ ප්‍රධානී ආචාර්ය දමිත ද මෙල් SBS සිංහල සේවය වෙත දැක්වූ අදහස්.
Duration:00:05:57
කාලීන විග්‍රහය: මිලියනය වන ස්ථිර මානුෂීය වීසා බලපත්‍රය නිකුත් කරන්න ඕස්ට්‍රේලියාව සැරසෙයි
11/12/2025
දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු ඕස්ට්‍රේලියාව මේ වනවිට මිලියනයකට පමණ මානුෂිය වීසා ලබාදී තිබෙනවා. මේ වසර අවසානයේදී මිලියනය වන ස්ථිර මානුෂීය වීසා බලපත්‍රය නිකුත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.කෙසේ නමුත් ඔස්ට්‍රේලියාව ගෝලීය වශයෙන් අවතැන්වන පිරිස සම්බන්ධයෙන් වන ප්‍රතිචාරය වැඩිදියුණු කල යුතු බව සරණාගත අයිතිවාසිකම් සංවිධාන කියා සිටිනවා. අද කාලීන විග්‍රහයෙන් තොරතුරු ගෙන එන්නේ මේ පිළිබඳවයි.
Duration:00:09:22
SBS සිංහල Newsflash නොවැ 13: තරුණ වරදකරුවන් සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ යෝජිත නීති මාලාවට විවේචන
11/12/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 13වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
Duration:00:05:26
ලොව වටා: ඇමෙරිකානු හිටපු උප ජනාධිපති ඩික් චෙනීගේ අභාවය ගැන ලෝක අවධානය යොමු වුණේ ඇයි?
11/11/2025
මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.
Duration:00:09:11