
SBS Sinhala
SBS (Australia)
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Location:
Sydney, NSW
Networks:
SBS (Australia)
Description:
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Language:
Sinhala
Contact:
SBS Radio Sydney Locked Bag 028 Crows Nest NSW 1585 Australia (02) 9430 2828
Episodes
Lankan Fest ප්‍රදර්ශනය සාර්ථක වෙන්න ප්‍රධානම හේතුව ස්වේච්ඡාවෙන් වැඩ කරන අපේ ප්‍රජාව නිසායි - ආචාර්ය දමිත ද මෙල්
11/17/2025
Lankan Fest සංස්කෘතික ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස මෙල්බර්න් Crown Riverwalk පරිශ්‍රයේ දී ඊයේ (16) පැවැත් වුණා. මේ ඒ පිළිබඳ කෙටි කතාබහකට අද (17) SBS සිංහල සජීව ගුවන්විදුලි වැඩසටහනට එක් වූ සංවිධාන මණ්ඩල ප්‍රධානී ආචාර්ය දමිත ද මෙල්.
Duration:00:10:55
මව්බිමෙන් පුවත් නොවැ 17: ජනපතිට ඔස්ට්‍රේලියා නිල සංචාර ඇරයුමක්? / පැලවත්තේ තීන්දු වල වැරැද්ද අහන අගමැති හරිනි
11/16/2025
ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
Duration:00:08:33
කාලින විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත තුනක පාරිභෝගිකයින්ට විදුලි බලය නොමිලේ ලබා දීමේ ව්‍යාපෘතියක්
11/16/2025
සූර්ය බලශක්තියෙන් ජනනය කරන විදුලි බලය ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත තුනක පාරිභෝගිකයින්ට නොමිලේ ලබා දීමට නියමිතයි. ඒ කාර්ය බහුල නොවන දිවා කාලයේ දී පැය තුනක උපරිමයක් ලෙසයි. මෙම යෝජිත සැලැස්ම පරිසර කණ්ඩායම් වල පිළිගැනීමට ලක්ව ඇතත් ඊට ඇතැම් විපක්ෂ කණ්ඩායම් වල විරෝධයකුත් එල්ල වී තිබෙනවා. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි.
Duration:00:06:30
SBS සිංහල Newsflash නොවැ 17: සංක්‍රමණය අවම කිරීමේ සැලසුම් ළඟදීම නිකුත් කරන බව ලිබරල් සන්ධාන නායිකාව කියයි
11/16/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 17වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
Duration:00:04:46
කාලීන විග්‍රහය: වික්ටෝරියා සෞඛ්‍ය පද්ධතිය තුළ කාන්තාවන් සහ ගැහැණු දරුවන්ගේ අත්දැකීම් පිළිබඳ වාර්තාවක් කියයි
11/16/2025
කාන්තාවන් අත්විඳින වේදනා පිළිබඳ කළ විමර්ශනයක අවසන් වාර්තාව වික්ටෝරියානු රජය විසින් නිකුත් කර තිබෙනවා. එහි සොයාගැනීම් බරපතල කරුණු කිහිපයක් අනාවරණය කරනවා. වික්ටෝරියා සෞඛ්‍ය පද්ධතිය තුළ ස්ත්‍රීපුරුෂ සමාජභාවය පදනම් කරගනිමින් වෙනස් කොට සලකන පිළිවෙතක් පිළිබඳ කාන්තාවන් සහ ගැහැණු දරුවන් 13000කගෙන් ලද පිළිතුරු පෙන්වා දෙනවා. සෞඛ්‍ය වෘත්තිකයන් බොහෝ දෙනෙකු තමන්ව නොසලකා හරින බවක් හැඟුණ බවයි බොහෝ දෙනෙකු පවසා ඇත්තේ. අද කාලීන විග්‍රහයේ විමසුම ඒ පිළිබඳවයි.
Duration:00:08:29
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, නොවැ 10 - නොවැ 14
11/14/2025
නොවැම්බර් 10වන දා සිට නොවැම්බර් 14වන දා දක්වා සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.
Duration:00:05:14
තරුෂි එක්ක තරු කතා: රවීන් කණිෂ්ක කතා කරන්න අකමැතිම දේවල්
11/14/2025
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.
Duration:00:09:13
මව්බිමෙන් පුවත් නොවැ 14: දුඹුරු සීනි පියා කියනවාට කැමති ඇමති හඳුන්නෙත්ති / පොරොන්දු සිහි කරවන විපක්ෂ රැලිය
11/14/2025
මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
Duration:00:08:27
ක්‍රීඩා විග්‍රහය – ආරක්ෂාව සහතික කිරීමෙන් පසු තවදුරටත් තරග සංචාරයේ යෙදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පිල එකඟ වෙයි
11/13/2025
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
Duration:00:08:30
SBS සිංහල Newsflash නොවැ 14: දියේ ගිලීම් මරණ තුනෙන් එකක් විදේශයන් හි උපත ලැබූවන් බව වාර්තාවක් හෙළි කරයි
11/13/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 14 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
Duration:00:05:19
ලොව වටා: BBC ප්‍රධානීන් තනතුරු වලින් කැපුණු වැරදි කතා කැපිල්ල
11/13/2025
මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.
Duration:00:08:44
අපේ වහරේ කතා අහුරක්: 'අප්පාට පුතේ!' කිව්වේ ඇයි දන්නවා ද?
11/13/2025
මේ යෙදුම අපේ වැඩිහිටියෝ කියනවා අනන්තවත් අහලා තිබුණාට ඒ යෙදුම හැදුණ හැටි දැනගෙන හිටියේ නෑ නේද? අපේ වහරේ එන විවිධ අලංකාර කියුම් කෙරැම් ගැන සාහිත්‍යවේදී අශෝක පියරත්න ගෙනෙන මේ රස කතා අහුරෙන් ඒ ගැන අහගන්න.
Duration:00:05:26
ඔස්ට්‍රේලියාවේ මෙල්බර් නගර මැද දිග හැරෙන ශ්‍රී ලාංකේය සංස්කෘතික අඬහැරය Lankan Fest ප්‍රදර්ශනයට තව දින 3යි
11/12/2025
ඕස්ට්‍රේලියාවේ විශාලතම ශ්‍රී ලාංකේය සංස්කෘතික හා වෙළඳ ප්‍රදර්ශනය Lankan Fest නොවැම්බර් 16 වෙනි ඉරිදා Melbourne Crown Riverwalk පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි. Lankan Fest පවුලේ සැමට අපූරු අත්දැකීමක් ලෙස සමීප කරන්න සූදානම් වෙන අයුරු පිළිබඳ ව සංවිධායක කමිටුවේ ප්‍රධානී ආචාර්ය දමිත ද මෙල් SBS සිංහල සේවය වෙත දැක්වූ අදහස්.
Duration:00:05:57
කාලීන විග්‍රහය: මිලියනය වන ස්ථිර මානුෂීය වීසා බලපත්‍රය නිකුත් කරන්න ඕස්ට්‍රේලියාව සැරසෙයි
11/12/2025
දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු ඕස්ට්‍රේලියාව මේ වනවිට මිලියනයකට පමණ මානුෂිය වීසා ලබාදී තිබෙනවා. මේ වසර අවසානයේදී මිලියනය වන ස්ථිර මානුෂීය වීසා බලපත්‍රය නිකුත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.කෙසේ නමුත් ඔස්ට්‍රේලියාව ගෝලීය වශයෙන් අවතැන්වන පිරිස සම්බන්ධයෙන් වන ප්‍රතිචාරය වැඩිදියුණු කල යුතු බව සරණාගත අයිතිවාසිකම් සංවිධාන කියා සිටිනවා. අද කාලීන විග්‍රහයෙන් තොරතුරු ගෙන එන්නේ මේ පිළිබඳවයි.
Duration:00:09:22
SBS සිංහල Newsflash නොවැ 13: තරුණ වරදකරුවන් සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ යෝජිත නීති මාලාවට විවේචන
11/12/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 13වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
Duration:00:05:26
ලොව වටා: ඇමෙරිකානු හිටපු උප ජනාධිපති ඩික් චෙනීගේ අභාවය ගැන ලෝක අවධානය යොමු වුණේ ඇයි?
11/11/2025
මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.
Duration:00:09:11
SBS සිංහල Newsflash නොවැ 12: අගමැති විට්ලම් ධුරයෙන් පහ කර වසර 50ක් සැපිරූ මොහොතේ ඕස්ට්‍රේලියානුවන්ට පණිවිඩයක්
11/11/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 12වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
Duration:00:04:54
කාලින විග්‍රහය: වකුගඩු රෝග ප්‍රතිකාරක Jardiance ඖෂධය Pharmaceutical Benefits Scheme ලැයිස්තුවට
11/11/2025
ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට නිදන්ගත වකුගඩු රෝග සඳහා ලබාදෙන ඖෂධයක් එකතු කරන බව නිවේදනය කළා. Jardiance නැතහොත් එම්පැග්ලිෆ්ලොසින් ලෙසද හැඳින්වෙන මෙම ඖෂධය BSP පහසුකම වෙත ඇතුලත් කිරීමෙන් 65,000 කට වැඩි ඕස්ට්‍රේලියානුවන් පිරිසකට ප්‍රතිලාභ ලබනු ඇතැයි අපේක්ෂා කෙරේ. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි.
Duration:00:06:29
වීරෝදාර ඕස්ට්‍රේලියානුවන් ස්මරණය කරන Remembrance Day අදයි!
11/11/2025
එදා මෙදා තුර ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ජීවිත කැපවීමෙන් සේවය කළ හා කරන ආරක්ෂක අංශයන්හි සියලුම සාමාජිකයින් පිළිගැනීමට, ගෞරව කිරීමට සහ සිහිපත් කිරීමට වෙන්වූ ජාතික අනුස්මරණ දිනය අදයි. මේ දිනයේ වැදගත්කම සහ ඉතිහාසය පිළිබඳ මේ කෙටි විශේෂාංගයට සවන් දෙන්න.
Duration:00:05:02
What are Australia’s fishing laws and rules? - Australia Explained - ඕස්ට්‍රේලියාවේ මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් තිබෙන නීති රීති මොනවාද?
11/11/2025
Thinking of going fishing in Australia? Make sure you are familiar with local regulations, including licensing systems, closed seasons, size limits, permitted gear, and protected species. - ඕස්ට්‍රේලියාවේ සෑම වැඩිහිටියන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් සෑම වසරකම මසුන් ඇල්ලීමට යනවා.නමුත් බොහෝ නවකයින් තේරුම් නොගන්නා දේ නම්, ඕස්ට්‍රේලියාවේ මසුන් ඇල්ලීම ගැන විවිධ නීති තිබීමයි. මේ නිසා ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය අනුව, මසුන් ඇල්ලීම සඳහා අදාළ වන විවිධ නීති පිළිබඳව දැනගත යුතු තොරතුරු මේ විශේෂාංගයෙන් ගෙන එනවා.
Duration:00:08:49