SBS Sinhala-logo

SBS Sinhala

SBS (Australia)

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Location:

Sydney, NSW

Description:

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Language:

Sinhala

Contact:

SBS Radio Sydney Locked Bag 028 Crows Nest NSW 1585 Australia (02) 9430 2828


Episodes
Ask host to enable sharing for playback control

2025 ඕස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණයේ ප්‍රතිඵල ගැන ශ්‍රී ලාංකිකයින් දැක්වූ අදහස් මෙන්න

5/7/2025
2025 ඕස්ට්‍රේලියානු මහමැතිවරණයෙන් ලේබර් රජය ජයග්‍රහණය කිරීම මෙන්ම ලිබරල් පක්ෂයේ පරාජය පිළිබඳව ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙක් SBS සිංහල සේවයට දැක්වූ අදහස් මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

Duration:00:11:11

Ask host to enable sharing for playback control

SBS සිංහල Newsflash මැයි 07: ලේබර් රජයේ නව කැබිනට් මණ්ඩලය ගැන තවම තීරණය කර නොමැති බව අගමැති පවසයි

5/6/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 7වන දා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න.

Duration:00:04:56

Ask host to enable sharing for playback control

උසස් පෙළ විභාගයෙන් පසු ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපන අවස්ථා පිළිබඳ සැලසුම් කිරීමේදී ඔබට වැදගත් වන දේවල් මෙන්න

5/5/2025
ලොව ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් වන ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපන අවස්ථා සඳහා සූදානම් විය යුතු ආකාරය සම්බන්ධයෙන් සිඩ්නි හි ලියාපදිංචි ජ්‍යෙෂ්ඨ අධ්‍යාපන උපදේශිකාවක් වන චානකා පලිහක්කාර සමඟ SBS සිංහල සේවාව කළ සාකච්ඡාවට සවන් දෙන්න.

Duration:00:10:03

Ask host to enable sharing for playback control

Important facts to know about getting tested for heart disease early - කල් ඇතුවම හෘද රෝග සඳහා වන පරීක්ෂණයක් සිදු කරගැනීම වැදගත් වන්නේ ඇයිද කියා දනුවත් වෙමු

5/5/2025
Listen to the SBS Sinhala radio interview with Dr. Manjula Rathnabarathie from Melbourne, who explains the importance of the early heart health checks. - ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය දින දර්ශනයේ National Heart Week ලෙස නම් කර ඇති මේ සතියේ හෘද රෝග පරීක්ෂණයක්‌ සිදුකරගැනීමේ ඇති වැදගත් කම පිළිබඳව, SBS සිංහල ගුවන් විදුලිය මෙල්බර්න් හි, වෛද්‍ය, මංජුලා රත්නභාරති මහත්මිය සමඟ සිදුකළ සාකච්ඡාව

Duration:00:09:34

Ask host to enable sharing for playback control

SBS සිංහල Newsflash මැයි 06: නව ප්‍රතිපත්තිවලට වඩා දුන් පොරොන්දු ඉටු කිරීම රජයේ අපේක්ෂාව බව ලේබර් පක්ෂය කියයි

5/5/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 6වන දා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න.

Duration:00:05:02

Ask host to enable sharing for playback control

ඩිප්‍රෙෂන් තත්වය සඳහා භාවිතා කරන ඖෂධයක් ඕස්ට්‍රේලියානුවන්ට සහන මිලට ලබාදීමට පියවර: 'කාලීන විග්‍රහය' මැයි 06

5/5/2025
මානසික අවපීඩනය එසේත් නැතිනම් "depression" තත්වය සඳහා නව ඖෂධයක් PBS ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට මෙම සතියේ ඇතුළත් කෙරෙන අතර, ඒ අනුව ඕස්ට්‍රේලියානුවන් 30,000 කට වඩා පිරිසකට මෙය සහනදායී මිලකට ලබා ගැනීමේ හැකියාව පවතී. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන්

Duration:00:09:18

Ask host to enable sharing for playback control

What is Closing the Gap? - Closing the gap යන්නෙන් අදහස් වන්නේ කුමක්ද: Australia Explained

5/5/2025
Australia has one of the highest life expectancies in the world. On average, Australians live to see their 83rd birthday. But for Aboriginal and Torres Strait Islander peoples, life expectancy is about eight years less. Closing the Gap is a national agreement designed to change that. By improving the health and wellbeing of First Nations, they can enjoy the same quality of life and opportunities as non-Indigenous Australians. - සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියානුවන් අවුරුදු 83 ක් පමණ ජීවත් වන බවට සඳහන් වනවා. නමුත් ස්වදේශික සහ ටොරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන් සඳහා වන ආයු අපේක්ෂාව සාමාන්‍යයට වඩා අවුරුදු 8ක් පමණ අඩු වනවා. Closing the gap හෙවත් "පරතරය වසා දැමීම" යනු මෙම පරතරය නැති කිරීම සඳහා නිර්මාණය කර ඇති ජාතිකමය වශයෙන් සැලකෙන ගිවිසුමක් වනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු මේ විශේෂාන්ගයෙන් ගෙන එනවා

Duration:00:06:04

Ask host to enable sharing for playback control

ලේබර් පක්ෂයේ ජයග්‍රහණයට සහ ලිබරල් සන්ධානයේ පරාජයට හේතුවුණු මෙවර මැතිවරණයේ තීරණාත්මක සාධක ගැන විමර්ශනයක්

5/5/2025
මෙවර ඕස්ට්‍රේලියානු මැතිවරණ ප්‍රතිපලය පිලිබඳ විමර්ශනයක්. මෙල්බර්න් හි ප්‍රජා පුවත්පත් සඳහා දේශපාලන තීරුලිපි රචකයෙකු ලෙස කටයුතුකරන, දේශපාලන විශ්ලේෂක කෝසල කොඩිකාර මහතා සමගින් SBS සිංහල සේවය ගෙන ආ මෙම විශේෂාංගයට සවන්දෙන්න

Duration:00:14:08

Ask host to enable sharing for playback control

අස්ථි අමාරුවක් එනතුරුම කිසිම රෝගලක්ෂණයක් නොපෙන්විය හැකි, විටමින් D ඌනතාවය ගැන දැනගතයුතු දේවල් මෙන්න

5/5/2025
මෙතරම් හිරු එළියක් වැටෙන ඔස්ට්‍රේලියාව වැනි රටක වෙසෙන ඕස්ට්‍රේලියානුවන් සැලකියයුතු පිරිසක් විටමින් D ඌනතාවයෙන් පෙළෙන්නේ ඇයි සහ විටමින් D ඌනතාවය පිළිබඳව අප දැනගතයුතු දෑ සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

Duration:00:10:34

Ask host to enable sharing for playback control

දෙවන වර පත්වූ ලේබර් රජය නිසා සිදුවන වෙනස්කම් ගැන තොරතුරු මෙන්න

5/5/2025
ඇන්තනී ඇල්බනීසි මහතා දෙවන වරටත් ජයග්‍රහණය කර තිබෙනවා. මේ අනුව නැවත පත්වන ලේබර් රජය විසින් පූර්ව මැතිවරණ කාලයේ යෝජනා කර සිටි පරිදි සිදුකිරීමට නියමිත වෙනස්කම් පිළිබඳව සලකා බැලීමට මේ විශේෂාංගයෙන් අපි බලාපොරොත්තු වනවා

Duration:00:06:19

Ask host to enable sharing for playback control

පළාත් පාලන චන්දයට පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් වලින් අපේක්ෂකයින් 75,589 ක්: 'මවුබිමෙන් පුවත්' මැයි 05

5/5/2025
අද - මැයි මස 05 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

Duration:00:08:28

Ask host to enable sharing for playback control

SBS සිංහල Newsflash මැයි 05: ලිබරල් පක්ෂය නව නායකයකු තෝරාගැනීමේ කටයුතු අරඹයි

5/4/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 5 වන දා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න.

Duration:00:05:11

Ask host to enable sharing for playback control

ෆෙඩරල් මැතිවරණයෙන් ලේබර් පක්ෂය ජයග්‍රහණය කල අතර ඇන්තනි ඇල්බනීස් මහතා අගමැති ලෙස නැවත පත්වනු ඇත

5/3/2025
ෆෙඩරල් මැතිවරණයෙන් ලේබර් පක්ෂය ජයග්‍රහණය කල අතර ලේබර් පක්ෂය විසින් ලබාදුන් ප්‍රධාන මැතිවරණ පොරොන්දු කිහිපයක් ගැන තොරතුරු මෙම වැඩසටහනෙන් අපි ඔබ වෙත ගෙන එනවා

Duration:00:06:15

Ask host to enable sharing for playback control

'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, අප්‍රේල් 28 - මැයි 02

5/2/2025
ජනමත විචාරණයෙන් පරාජයට පත්වූ Indigenous Voice to Parliament සංශෝදනය ගැන ඇතිවූ සංවාදය, පීටර් ඩටන් මහතාගේ බ්‍රිස්බේන් නුවර කාර්යාලයට හානි කිරීම මෙන්ම නොදර්න් ටෙරිටරි රජය ඇපමත මුදාහැරීම් සම්භන්දයෙන් දැඩි නීති සම්මත කරගැනීම වැනි පුවත් සමග ගතවුණු අප්‍රේල් 28 වනදා සිට මැයි 02 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියානු පුවත් ප්‍රකාශය

Duration:00:08:31

Ask host to enable sharing for playback control

නවසීලන්ත All Blacks U85 රග්බි කණ්ඩායම තරඟාවලි දෙකක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරයක: ක්‍රීඩා විග්‍රහය

5/2/2025
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න

Duration:00:10:55

Ask host to enable sharing for playback control

ලංකාවේ විදෙස් සංචිත ලබන වසරේ USD බිලියන 7 ඉක්මවනු ඇති බව ආර්ථික නියෝජ්‍ය ඇමති කියයි: 'මවුබිමෙන් පුවත්' මැයි 2

5/2/2025
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

Duration:00:08:59

Ask host to enable sharing for playback control

ප්‍රධාන පක්ෂ තම මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාර මෙහෙයවූ ආකාරය ගැන තොරතුරු මෙන්න: 'කාලීන විග්‍රහය' මැයි 02

5/1/2025
ඔස්ට්‍රේලියානු මහා මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් අදියරට පැමිණ තිබෙනවා. Medicare දීමනා සම්බන්ධයෙන් ලේබර් පක්ෂයේ ප්‍රචාරණ වැඩපිළිවෙල මූලික අවධානයක් යොමු කළා. මීට අමතරව ඕස්ට්‍රේලියානු ජනතාව මුහුණ දෙන ජීවන වියදම් අර්බුධය ඉලක්ක කර තම මැතිවරණ ප්‍රචාරණ වැඩපිළිවෙල දියත් කිරීමට ලිබරල් සන්ධානය කටයුතු කළා. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

Duration:00:10:57

Ask host to enable sharing for playback control

SBS සිංහල Newsflash මැයි 02: ඕස්ට්‍රේලියානු අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා චන්දදායකයින් දිනාගැනීමේ අවසන් සටනේ

5/1/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 2 වන දා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න.

Duration:00:04:47

Ask host to enable sharing for playback control

ඉන්දියාව ඉක්මනින්ම හමුදා ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවට බුද්ධි තොරතුරු ලැබී ඇතැයි පාකිස්තානය කියයි: ලොව වටා

5/1/2025
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.

Duration:00:10:29

Ask host to enable sharing for playback control

නිවසේ සිට රාජකාරී කිරීමේ ක්‍රමවේදයේ ඵලදායීතාවය ගැන නව වාර්තාවක් නිකුත්වේ: 'කාලීන විග්‍රහය' මැයි 01

4/30/2025
නිවසේ සිට රාජකාරී කිරීමේ අවස්තාව සේවකයින්ට ලබාදීම හේතුවෙන් සේවකයින්ගේ ඵලදායීතාවය සහ ආර්ථිකයට සිදුවන බලපෑම සම්බන්දයෙන් ඕස්ට්‍රේලියානු ආර්ථික සංවර්ධන කමිටුව විසින් නවතම අධ්‍යයනයක් සිදුකර තිබෙනවා. මෙහිදී නිවසේ සිට රාජකාරී සිදුකරන සේවකයින්ට වසරකට $5300ක පමණ මුදලක් ඉතිරි කරගැනීමේ හැකියාවක් පවතින බව හෙළිවී තිබෙනවා. වැටුප තරමක් අඩු උවත් මෙවැනි මුදලක් වසරකට ඉතිරි කරගැනීමට ලැබීම හේතුවෙන් නිවසේ සිට රාජකාරි කිරීමේ හැකියාව ඇති රැකියා සඳහා යොමුවීමට සේවකයින් වැඩි කැමැත්තක් දක්වන බවද වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

Duration:00:06:32