
SBS Sinhala
SBS (Australia)
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Location:
Sydney, NSW
Networks:
SBS (Australia)
Description:
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Language:
Sinhala
Contact:
SBS Radio Sydney Locked Bag 028 Crows Nest NSW 1585 Australia (02) 9430 2828
Episodes
What are Australia’s fishing laws and rules? - Australia Explained - ඕස්ට්‍රේලියාවේ මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් තිබෙන නීති රීති මොනවාද?
11/11/2025
Thinking of going fishing in Australia? Make sure you are familiar with local regulations, including licensing systems, closed seasons, size limits, permitted gear, and protected species. - ඕස්ට්‍රේලියාවේ සෑම වැඩිහිටියන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් සෑම වසරකම මසුන් ඇල්ලීමට යනවා.නමුත් බොහෝ නවකයින් තේරුම් නොගන්නා දේ නම්, ඕස්ට්‍රේලියාවේ මසුන් ඇල්ලීම ගැන විවිධ නීති තිබීමයි. මේ නිසා ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය අනුව, මසුන් ඇල්ලීම සඳහා අදාළ වන විවිධ නීති පිළිබඳව දැනගත යුතු තොරතුරු මේ විශේෂාංගයෙන් ගෙන එනවා.
Duration:00:08:49
SBS සිංහල Newsflash නොවැ 11: සමාජ මාධ්‍ය තහනම පිළිබඳ අගමැති ඇන්තනී ඇල්බනීසිගෙන් අදහස් දැක්වීමක්
11/10/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 11වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
Duration:00:04:59
කාලීන විග්‍රහය: වයස්ගත ඕස්ට්‍රේලියානු ප්‍රජාව අතර වැටීම් අවම කිරීමට භාෂාමය විසඳුමක්
11/10/2025
ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 65ට වැඩි සෑම පුද්ගලයන් සිව් දෙනෙකුගෙන් එක් අයෙකුම වසරක් පාසා ඇද වැටීමකට ලක් වනවා. වයස්ගත ඕස්ට්‍රේලියානුවන්ගේ තුවාල සහ රෝහල්ගතවීම්වලට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙයයි. එපමණක් නොව ඔවුන්ගේ ජීවිතය පවා අහිමි වන තත්ත්වයක් වැටීම නිසා උදා වී තිබෙනවා. ඇද වැටීම් වළක්වා ගැනීම එතරම් ලෙහෙසි පහසු නැහැ. විශේෂයන් ම ඒ පිළිබඳ දැනුවත්කිරීම් සිදු කිරීමට භාෂාව බාධකයක් වී තිබෙනවා. නමුත් පර්ත්හි වෙසෙන චීන ජාතික සිසුන් දෙදෙනෙකු මේ අභියෝගයට විසඳුමක් ඉදිරිපත් කරනවා. ඒ සංස්කෘතික අවබෝධය සහ රැකවරණය තුළින් වැඩිහිටියන් ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයකුයි. අද කාලීන විග්රහයේ අවධානය ඒ පිළිබඳවයි.
Duration:00:06:51
මව්බිමෙන් පුවත් නොවැ 10: ආණ්ඩුව වෘත්තිකයින් ඇන්දුවා - පාඨලී / අනීතික වැඩ කරලා අපිට නම් කතා කරන්න එපා! - ඇමති වටගල
11/10/2025
ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
Duration:00:08:42
මෙල්බර්න් නගර මැද ලංකාව බවට පත් කරන Lankan Fest ප්‍රදර්ශනයට තව දින 6 යි!
11/9/2025
ඕස්ට්‍රේලියාවේ විශාලතම ශ්‍රී ලාංකීය සංස්කෘතික හා වෙළඳ ප්‍රදර්ශනය Lankan Fest නොවැම්බර් 16 වෙනි ඉරිදා Melbourne Crown Riverwalk පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි. ප්‍රදර්ශනයේ පෙරසූදානම පිළිබඳ සංවිධායක කමිටුවේ ප්‍රධානී ආචාර්ය දමිත ද මෙල් SBS සිංහල සේවය වෙත දැක්වූ අදහස්.
Duration:00:05:04
SBS සිංහල Newsflash නොවැ 10: කාන්තාවන් මුහුණ දෙන ශාරීරික අපහසුතා වලට පිළියම් සැලැස්මක් වික්ටෝරියා රජයෙන්
11/9/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 10 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
Duration:00:05:15
කාලීන විග්‍රහය: මම්දානිගේ ජයග්‍රහණය පිළිබඳ ඕස්ට්‍රේලියානුවන්ගේ අදහස්
11/9/2025
ඕස්ට්‍රේලියාවේ සමහර බහුසංස්කෘතික ප්‍රජා කණ්ඩායම්වලට අයත් සාමාජිකයන් ඇමරිකාවේ නිව් යෝර්ක් නගරයේ පුරපති ලෙස සොහ්රාන් මම්දානි තේරී පත් වීම පිළිබඳ ප්‍රතිචාර දැක්වූවා. මම්දානි නිව් යෝර්ක් නගරයට වසර 100කටත් වැඩි කාලයකින් පසු පත් වන ලාබාලතම නගරාධිපතිවරයා ලෙස වාර්තා පොත් අතරට එක් වනවා. එපමණක් නොව ඔහු නිව් යෝර්ක් නගරයේ එම තනතුරට තේරී පත් වූ පළමු මුස්ලිම් ජාතික, දකුණු ආසියානු සහ අප්‍රිකාවේ උපත ලැබූ නගරාධිපතිවරයා බවට පත් වනු ඇති. අද කාලීන විග්රහයේ විමසුම ඒ පිළිබඳවයි.
Duration:00:06:40
සංක්‍රමණ කටයුතු වෙනුවෙන් වෙනත් ප්‍රාන්තයකට යන්න ඔබේ අදහසක් ඇත්නම් මේ ගැනත් සැලකිලිමත් වෙන්න
11/9/2025
ඉදිරි වසර සඳහා ප්‍රාන්ත සහ ටෙරිටරි සිය අවශ්‍යතාවලට සරිලන ලෙස රැකියා ලැයිස්තු යාවත්කාලීන කර තිබෙනවා. ඒ සමඟ වෙනත් ප්‍රාන්තයකට මාරුවීම හෝ දැනටමත් එසේ මාරු වූ කුසලතා පූර්ණ ශ්‍රමිකයන්ට විවිධ තීරණ ගැනීමට පෙළඹෙන පසුබිමකුයි මේ ගත වෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් මේ සාකච්ඡාව උපකාරයක් වනු ඇතැයි අප සිතනවා.
Duration:00:09:33
මේ සතියේ ඔස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, නොවැ 3 - නොවැ 7
11/7/2025
නොවැම්බර් 3වන දා සිට නොවැම්බර් 7වන දා දක්වා සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.
Duration:00:05:53
තරුෂි එක්ක තරු කතා - මෝඩ තරිඳු චිත්‍රපටයට නම හැදුණේ මෙහෙමයි
11/7/2025
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.
Duration:00:07:45
මව්බිමෙන් පුවත් - නොවැ 7: ජනපතිගේ අයවැය කතාව අද / විපක්ෂ නායක සජිත් 13 වන සංශෝධනයට පක්ෂ බව ඉන්දියාවට දන්වයි
11/7/2025
මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
Duration:00:08:54
ක්‍රීඩා විග්‍රහය – ගියවර Hong Kong Sixes ශූරතාව දිනූ ශ්‍රී ලංකා පිල ළහිරු මදුශංකගේ නායකත්වයෙන් අද තරඟ බිමට
11/7/2025
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
Duration:00:08:51
SBS සිංහල Newsflash නොවැ 7: නවනීදන් පිල්ලේට සිඩ්නි සාම ත්‍යාගය
11/6/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 7 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
Duration:00:05:06
10 වෙනි වසර සපුරන Lankan Fest ප්‍රදර්ශනයට සියල්ල සූදානම් - ආචාර්ය දමිත ද මෙල්
11/6/2025
ඔස්ට්‍රේලියාවේ විශාලතම ශ්‍රී ලාංකීය සංස්කෘතික හා වෙළඳ ප්‍රදර්ශනය Lankan Fest නොවැම්බර් 16 වෙනි ඉරිදා Melbourne Crown Riverwalk පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි. මේ ඒ පිළිබඳ සංවිධායක කමිටුවේ ප්‍රධානී ආචාර්ය දමිත ද මෙල් සමග SBS සිංහල සේවය සමඟ පැවැත්වූ කතාබහ.
Duration:00:08:51
අපේ වහරේ කතා අහුරක්: හොරාට ගණදෙවි නුවණ තියෙනවා කියන කතාව හැදුණේ මෙහෙමයි!
11/6/2025
සිංහල බස හරිම රසවත් පොහොසත් මිහිරි භාෂාවක්. අපේ වහරේ එන විවිධ අලංකාර කියුම් කෙරැම් ගැන සාහිත්‍යවේදී අශෝක පියරත්න ගෙනෙන මේ රස කතා අහුර අහන්න.
Duration:00:04:01
කාලීන විග්‍රහය: අලුත් වැඩිහිටි සත්කාර ප්‍රතිසංස්කරණ නිසා, සේවා ලබන්නන්ට වැඩි මුදලක් ගෙවීමට සිදුවේ දැයි බියක්
11/5/2025
ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි සත්කාර පිළිබඳව වන පනත නොවැම්බර් 1 වැනිදා සිට බලාත්මක වෙමින් පවතිනවා. රාජකීය කොමිසමක් විසින් මෙම අංශයට ප්‍රධාන ප්‍රතිසංස්කරණ නිර්දේශ කිරීමෙන් වසර හතරකට පසු මෙම බලාත්මක වීම සිදුව තිබෙනවා. කෙසේ නමුත් බොහෝ දෙනෙකුට අවසානයේ වැඩිහිටි රැකවරණ සේවා සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවනු ඇතැයි යන බියක් මේත් සමගම මතුව තිබෙනවා අද කාලීන විග්‍රහයෙන් තොරතුරු ගෙන එන්නේ මේ පිළිබඳවයි.
Duration:00:12:54
SBS සිංහල Newsflash නොවැ 6: සිඩ්නි නුවර දුම්වැටි අලෙවිසැල් දෙකක් වැසේ
11/5/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 6වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
Duration:00:04:53
SBS සිංහල Newsflash නොවැ 5: ස්මාර්ට් මීටර් උපාංග සහිත නිවෙස්වලට නොමිලයේ විදුලිය සැපයෙන වැඩසටහනක්
11/4/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 5වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
Duration:00:05:14
කාලින විග්‍රහය: කෘත්‍රිම බුද්ධිය පුහුණු කිරීමට දත්ත ගැනීමේ නිදහස අත්හිටවීමට ගැන කලා කේෂ්ත්‍රයේ ප්‍රසාදය
11/4/2025
කෘත්‍රිම බුද්ධි ආකෘති පුහුණු කිරීම සඳහා නිර්මාණාත්මක කලා කෘති වල අන්තර්ගතයන් තාක්ෂණික සමාගම් වලට නිදහසේ උකහා ගැනීමට අවස්ථාව සැලසී තිබුණා. නමුත් එම නිදහස අත්හිටවීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කර තිබෙනවා. ඕස්ට්‍රේලියානු කලා කේෂ්ත්‍රය මෙම ජයග්‍රහණය පිළිබඳ ප්‍රසාදය පළ කරන අතර, ප්‍රකාශන හිමිකම් පනත සංශෝධනය කිරීමට AI තාක්ෂණ සබැඳි කණ්ඩායම් හා නිර්මාපකයන් එක් මේසයක් වෙත ගෙන ඒමට මෙය මග පාදනු ඇතැයි බලාපොරොත්තු පල වනවා. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි.
Duration:00:07:29
ළමා අපචාර සිදුවීමකට අදාළ ව ඕස්ට්‍රේලියාව තුල අධිකරණ ක්‍රියාවලිය සිදු වන ආකාරය ගැන ඔබ දැනුවත් ද?
11/4/2025
දරුවන්ට එරෙහිව සිදුවන ලිංගික අපයෝජන සිදුවීමකට අදාල නඩු කටයුතු වල දී වින්දිත හා විත්තිකාර දෙපාර්ශවයට වැදගත් වන නීතිමය තොරතුරු පිළිබඳ සාකච්ඡාව.
Duration:00:08:59